Friday, March 29, 2024
Follow Us
ගෑස් මිල අඩුවීමෙන් කිරි තේ සහ ප්ලේන්ටියක මිල රුපියල් 20කින් පහළට

කිරි තේ එකක මිල සහ ප්ලේන්ටි එකක මිල අද සිට රුපියල් 20කින් පහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, කිරි තේ එකක නව මිල වන්නේ රුපියල් 100ක්. ප්ලේන්ටි එකක නව මිල රුපියල් 30ක් වනවා.

ගෑස් මිල අඩුවීම හේතුවෙන් එලෙස කිරි තේ එකක මිල සහ ප්ලේන්ටි එකක මිල ගණන් අඩු කළ බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.

මේ අතර පාන්පිටි මිල අඩු කරන්නේ නම් කොත්තුවක මිලද අඩු කිරීමට සිය සංගමය සූදානම් බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළා.


Neth