පාරිභෝගික අධිකාරියේ කැලෑ නීතිය! පාන් සදහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සදහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කරන්න.
ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා.
රට තුළ පවතින ඖෂධ හිගය හේතුවෙන් දශක කිහිපයකට පෙර රෝගීන් වෙත ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ යළි භාවිත කිරීමට වන තත්ත්වයක් උද්ගත වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඉකුත් වසරේ ඉදිරිපත් කළ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ සිද්ධීන් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය ප්‍රධාන බවයි.
බස්නාහිර පළාතේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරත ඇතැම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ගමන් වියදම් දීමනාව අත්හිටුවා ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ සංගමය පවසනවා.
මේවනවිට වෙළඳපලේ මත්ස්‍ය මිල ගණන් සිග්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.
Page 198 of 768