Friday, February 20, 2026
Follow Us
බස්නාහිර පළාතේ ආහාර අපතේ යාම සියයට 40කින් පහළට

බස්නාහිර පළාත තුළ දෛනිකව බැහැර කෙරෙන පිසූ ආහාර ප්‍රමාණය සියයට 40කින් පමණ අඩුවී ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම පැවසුවේ කොවිඩ් වසංගතයට පෙර කාලය හා සැසඳීමේදී මෙම කාලසීමාව තුළ බැහැර කෙරෙන අනෙකුත් අපද්‍රව්‍යද සියයට 20 කින් පමණ අඩුවී ඇති බවයි.

ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු ප්‍රතිචක්‍රීයකරණ සඳහා යොදාගත හැකි ද්‍රව්‍ය අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඇතැම් ආනයන භාණ්ඩ සීමා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වූ බවයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේ.

Neth