තිළිණි එක්ක කළ ගණුදෙනු ගැන පැය 4ක් අහයි
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මේ වනවිට (31) රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.
ඒ ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස සිදු කළ දැනුම්දීමකට අනුවයි.
සේමිණී ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කර ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
ඇය ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ සිය ස්වාමි පුරුෂයා සමගයි.
ඔහු ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි.
විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල ඇතුළු නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.
තිළිණි ප්‍රියමාලි සමග චිත්‍රපට නිළියගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද රහස් පොලිස් නිලධාරීන් ඇයගෙන් මෙහිදී විමසා ඇති බවයි වාර්තා වේ.
ප්‍රශ්න කිරීමේදී ඇය තිළිණි සමග කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්‍ෂේප කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Aruna