Friday, February 20, 2026
Follow Us
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක්

රට තුළ යළිත් ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඉකුත් දින කිහිපයේ පැවැති වැසි තත්ත්වය හේතුවෙන් ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යාමේ පැහැදිලි වර්ධනයක් දැකිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නිවසේ රැඳී සිටින ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම හරහා ඉන්ෆ්ලුවෙන්සා වෛසරයෙන් ආරක්ෂාවීමට හැකි බව ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.

Neth