Friday, February 20, 2026
Follow Us
රූපලාවන්‍යාගාරවලින් වාර්තා වූ අලුත්ම දේ

ලස්සන වෙන්න ගිහින් මත් වෙන්න වෙන කලාවක්


තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවීම සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ නියාමන කොමිෂන් සභාවේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා විශේෂ අනාවරණයක් සිදුකළේය

ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ මේ වනවිට ප‍්‍රථිකාර ලබන බොහෝ පාසල් වයසේ පසුවන දැරියන් සහ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය සඳහා හුරුවී ඇත්තේ රූපලාවන්‍යාගාරවලින් බවය.

සංඛ්‍යා ලේඛන අනුව වැඩිම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බවත් ඇය හෙළි කළාය.

පාසල් ශිෂ්‍ය ප‍්‍රජාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වළක්වාලීම සඳහා කුලියාපිටිය සුරාබදු ස්ථානය මගින් සංවිධානය කරතිබූ වැඩසටහනකදී ඇය ඒ බව සඳහන් කළාය.

Aruna