දැඩි කතාබහට ලක්ව ඇති පාන් මිල සම්බන්ධයෙන් හෙට සිට පාරිභෝගිකයන්ට සහනයක් ලබා දිය හැකි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේවෙතත් ආනයනික තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කරන්නේ නම් පමණක් පාන් මිල පහත දමන බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව සලසා දීමට රජය අවස්ථාව ලබාදුන්නා.
ඒ, වෙළඳ අමාත්‍යංශය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි. පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත හෙළීමත් ඉහළ යන තිරිඟු පිටි මිල පාලනය කිරීමත් එහි අරමුණ වනවා.
එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදීමට ද එහිදී රජයේ අවධානය යොමු වුණා.
Neth