Friday, February 20, 2026
Follow Us
හිතුමතේ උත්තේජන බෙහෙත් බිව්වොත් වෙන දේ

තරුණයින් ලිංගික උත්තේජන ඖෂධ අත්හදාබැලීමට ගන්නවා


ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළ යෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක, නීතිඥ ඉරේෂා දේශානි සමරවීර පවසයි.

බොහෝ තරුණයින් මෙම ලිංගික උත්තේජන ඖෂධ අත්හදාබැලීම් සඳහා භාවිත කරන බව ඇය සඳහන් කරයි.

ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බව ඇය පෙන්වා දෙයි.

“හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා. මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, මාත්‍රාව නොදැන ලබාගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙවැනි ඖෂධ භාවිත කිරීම.”

“මේ තත්ත්වයට යොමුවෙලා තිබුණේ වයස අවුරුදු 20-25 කාණ්ඩවල අයත් වයස අවුරුදු 40-45 කාණ්ඩවල අයත් තමයි.”

“බොහෝ තරුණයින් මෙම ලිංගික උත්තේජන ඖෂධ භාවිත කරලා තිබුණේ අත්හදාබැලීම් සඳහා.”

“මාසෙකට සිද්ධි දෙකක් තුනක් වගේ වාර්තා වුණා. එය ඇත්තටම ඉහළ අගයක්. ඒ නිසා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න වෙනවා.”

Aruna