Friday, February 20, 2026
Follow Us
වැස්ස යළිත් වැඩිවෙන ලකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනයවෙමින් පවතින බැවින් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Aruna