2019 වසරේ පාර්ලිමේන්තුවේදී එක් වචනයක් හෝ කථා නොකළ මන්ත්‍රීවරුන් 4 දෙදෙනෙක් සිටින බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමේදී විද්වතුන්ට විශේෂ සැලකීමක් නොකරන බවත් ජයග්‍රහණය කළ හැකි පුද්ගලයින්ට පමණක් නාමයෝජනා ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීන්දු පිළිබඳව අද (31 වැනිදා) දිනය වන විට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය පවසයි.
Several United National Party (UNP) members have decided to boycott the UNP Working Committee meeting today.
වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වෙනවා. ඊයේ පැවති (28) මාධ්‍ය හමුවකදී ඔහු මේ බව නිළ වශයෙන් සඳහන් කළේය.
පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය ඇතුළු දේශපාලන කඳවුර ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන ලකුණ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ශ්‍රීලනිපයටද ලකුණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව දන්වා ඇතැයිද ගම්මන්පිල මහතා පවසයි.
The founder of the Sri Lanka Podu Jana Peramuna Basil Rajapaksa is scheduled to return to the country tonight (30), it is reported.
UNP MP Ranjan Ramanayake, who was arrested in connection with the controversial audio clips, was remanded further until February 12 by the Nugegoda Magistrate’s Court today.
ඊයේ (30) රැස්වුණු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වූ යෝජනාවන් අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට අවශ්‍ය මූලික අත්තිවාරම සකස් වී අවසන් බව එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.
පසුගිය රජය සමයේ පැවති කෝප් කමිටුවේ ඉල්ලීම පරිදි, බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් සිදු කළ බවත්, එසේ වෝහාරික විගණනයක් සිදු කළේ අධිකරණ කටයුතු වෙනුවෙන් බැවින් එම වාර්තා පදනම් කරගෙන දූෂිත බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් කෝප් කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
UNP MP Ajith P Perera yesterday said he sees no reason for the party to remove him from the working committee.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ අද (30) රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනිමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයාට නියෝග කිරීම යනු ඉතාම බරපතළ දේශපාලන මැදිහත් වීමක් බවත් මීට එරෙහිව අධිකරණය හමුවට යාමට තමන් බලාපොරොත්තු වන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
මේ ඡන්දෙදි ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගන්න අපි උත්සාහ කළ යුතු යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන , රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව අද (30 වැනිදා) සවස රැස්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විධායක සභාව රැස් වන අතර
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සමග පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය පැවැසීය.
නව කොරෝනා වෛරස් අවදානම හදිසි තත්වයක් සේ සලකා ක්‍රියාමාර්ග ගත යුතු බැවින් ඒ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැදවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.
Page 429 of 551