Monday, January 19, 2026
Follow Us
ජනතාව ප‍්‍රතික්ෂේප කළ කිසිවකු පොහොට්ටුවට ගන්නේ නෑ අගමැති කියයි

මහජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් සම්බන්ධකර ගැනීමට කැමැත්තක් නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට සූදානම් වන බවට පැතිරෙන රාවය සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා කෙටි කාලයක් තුළදී රටේ ජනප‍්‍රිය දේශපාලන පක්ෂයක් බවට පත්වූ බව කී අග‍්‍රාමාත්‍යවරයා පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට විවිධ උදවිය උත්සාහ ගන්නා බවත් කීවේය.

(Lanka Leads)