Friday, April 10, 2026
Follow Us
ඡන්ද ලකුණ අද නොවේ හෙට : 10 දෙනෙකුගේ කමිටුවක් පත් කෙරේ

නව සන්ධානයේ ලකුණ ඇතුළු ගැටළු විසඳා ගැනීම සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී තිබේ.

ඊයේ (12) රාත්‍රියේ පැවති විශේෂ හමුවේදී නව සන්ධානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර රනිල් පිලෙන් පස් දෙනෙකු සහ සජිත් පිලෙන් පස් දෙනෙකු වශයෙන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර සිකුරාදා දිනයේදී ඔවුන් රැස්ව අවසන් තීරණයක් ගැනීමටයි එකඟ වී ඇත්තේ.

ඒ අනුව සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දමා ඇති බව ද සඳහන්.

(LNW)