Friday, May 03, 2024
Follow Us
මෛත්‍රී එක්සත් ජාතික පෙරමුණින් මහ මැතිවරණයට

ඉදිරි මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්වලට තම පක්ෂය තරඟ වැදීමට අපේක්ෂා කරන බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ගාල්ලේදී පැවති මාධය හමුවකදී අදහස් දක්වමිනි.

“ඉදිරි මැතිවරණය එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට අපි තරඟ කරන්න සියලුම කටයුතු සම්පූර්ණ කරලා තියෙන්නේ. මේ ප්‍රධාන පක්ෂ දෙකම එහෙම නැත්නම් තුනම නැවතත් ඉදිරිපත් කරන්නේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහේම කණ්ඩායමම තමයි.

ඒ ඡන්දෙදි ඒ දෙසිය විසිපහෙන් ඕන නම් විසිපහක් ජනතාව ගෙදර යවයි. ජනතාවට විකල්පයක් නැහැ. විකල්පයක් නැති නිසා ජනතාවට සිද්ධ වෙනවා ඔය ඉන්න ටික නැවත නැවතත් පාර්ලිමේන්තුවට එවන්න.

ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා මේ සැරේ ජනතාවට විකල්පයක් දෙන්න. සෑම දිස්ත්‍රික්කයකින්ම පිරිසිදු චරිත වැඩ කරන්න පුළුවන් චරිත රටට ආදාරේ කරන චරිත, ඉදිරිපත් කරන්න අපි කටයුතු කරගෙන යනවා.”

(Lanka leads)