Monday, January 19, 2026
Follow Us
මෙහෙම ගියොත් 2/3 තියා 113 ගන්නත් බැරි වෙයි – ඩියු ගුණසේකර

මනාප තරඟයට ගොස් සමගිය නැති වුවොත් 2/3 දෙක නොව 113ක සරල බහුතර ආණ්ඩුවක් වත් පිහිටුවීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසයි.

එහි මහලේකම් හිටපු ඇමති ඩියු ගුණසේකර මහතා සඳහන් කරන්නේ සියල්ල විසඳාගැනීමට නායකත්වයට ඉඩ දිය යුතු බවයි.

ඉදිරි මැතිවරණය සඳහා සන්ධානයක් බිහි කිරීම සඳහා අවධානය යොමු කිරීම වැදගත් යැයි ද ඔහු සඳහන් කළේය.

මනාප පොරයට ගොස් සමගිය කඩාකප්පල් කර නොගන්නා ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින බවද කී ඔහු ප්‍රශ්න විසඳාගැනීමට පක්ෂ නායකයන්ට ඉඩ දී අනෙක් පිරිස පැත්තකට විය යුතු බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිය පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍යයය හමුවක් අමතමිනි.

(Lanka Leads)