Friday, May 03, 2024
Follow Us
මහ මැතිවරණයට මුස්ලිම්වරුන්ගේ ඡන්ද අරන් පොහොට්ටුව ස්ථීරවම දිනවනවා – දිලුම් අමුණුගම

මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික් හාරිස්පත්තුව 2 බලමණ්ඩලය රැස්වීමට සහභාගි වෙමින් එතුමා මේ බව සඳහන් කළේය.

තවදුරටත් අදහස් දක්වමින් එතුමා සදහන් කළේ,

පසුගිය ජනාධිපතිවරණයේදී සිදු වූ වැරැද්ද මුස්ලිම්වරු පිළිගනිති.

එම නිසා එම වැරැද්ද නිවැරදි කරගැනීම සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් බහුතරයක් මුස්ලිම්වරු පොහොට්ටුව උදෙසා තමන්ගේ සහයෝගය පළ කරනු ඇතයි ද විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ඇති ප්‍රසිද්ධ,ජ්‍යෙෂ්ඨ මුස්ලිම් අපේක්ෂක වන ෆාරිස් මහතා ජයග්‍රහණය කරනු ඇතැයි ද අමාත්‍ය වරයා පැවසුවේ ය.

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවෙන් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 25,000 කට වඩා වැඩි මනාපයෙන් ජයග්‍රහණය කරන බව ද ඔහු පැවසීය

(Lanka Leads)