නව සන්ධානයේ ලකුණ ඇතුළු ගැටළු විසඳා ගැනීම සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී තිබේ.
දේශපාලනය යනු වෙනම වෘත්තියක් බවත්, එහිදී වඩා වැදගත් වන්නේ දේශපාලනය පුලුවන්ද යන්න මිස වියත් බව හෝ වෙනත් ක්ෂේත්‍රයක තිබෙන ප්‍රවීණත්වය හෝ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. කෙසේ වෙතත් සෑම ක්ෂේත්‍රයකම නියැලෙන්නන්ට දේශපාලනයට පැමිණීමේ සහ මැතිවරණවලට තරග කිරීමේ අයිතිය පිළිගන්නා බව ද මන්ත්‍රීවරයා පවසනවා.
සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීම නිසා එහි තනතුරුලාභී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්වලට තම පක්ෂය තරඟ වැදීමට අපේක්ෂා කරන බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පිහිටුවීමට යන සමගි ජාතික බලවේගයේ ඉංගී‍්‍රසි නාමයේ කෙටි යෙදුම යූඇන්පී යන්නට සමාන වන බැවින් එම නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඊයේ (11 දා) ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයට එක්වීමට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් තීන්දු කොට ඇත.
තවත් වසර පහක කාලයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කිරීමට කැමැති බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළ බව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ඊයේ (11 වැනිදා) ප්‍රකාශ කළේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ‘පුංචි ප්‍රචාරක කාඩ්පත්’ සඳහා ආක්‍රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රථිචක්‍රිත කඩදාසි භාවිත කිරිමට තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක මැතිවරණ ජයග්‍රහණයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සන්ධානයක් පිහිටුවා ඇත්තේ මින් පෙර අනුගමනය කළ ක්‍රමවේදයන්ට අනුව බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂය වන "සමගි ජන බලවේගයේ" ජාතික සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
නව සන්ධානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළු විසඳා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි මහ මැතිවරණයේදී චෝදනා එල්ල වූ පුද්ගලයින්ට නාම යෝජනා ලබා නොදිය යුතු බව ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
The Sri Lanka Freedom Party (SLFP) has sought urgent talks with President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa and Sri Lanka Podujana Peramuna National Organiser Basil Rajapaksa.
මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකය විශ්වාසය වන නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි ජනතාවගේ කිසිදු විශ්වාසයක් නොමැති බව කණගාටුවෙන් වුවත් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
Page 428 of 555