සන්ධානයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුපස ගොස් හඬා වැටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය නම් දෙපාර්ශ්වය අතර අත්සන් තැබූ ගිවිසුම අහෝසි කළ හැකි බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
"රටේ ජනතාව කල්පනා කරනවා ඇයි ප්‍රයෝජන අරගෙන මේ විදියට කෙළෙහිගුණයක් දන්නැති මිනිස්සු වගේ හැසිරෙන්නෙ කියලා. එක සන්ධානයකට එකතුවෙලා තමයි ගිවිසුමක් අත්සන් කළේ. ඔවුන් කියනවා නම් අපට තනියම තරග කරන්න කියලා, පළවෙනියෙන් තියෙන්නෙ ඒ ගිවිසුම අවසන් කරලා ඉතුරු කටයුතු ටික කරන්න.
පිටිපස්සෙන් ගිහිල්ලා සන්ධාන හැදිය යුතුයි කියලා හඬා වැටෙන්න අපි සූදානම් නෑ. ඒ ගොල්ලො හරියට කියන්න ඕනෙ සන්ධානයක් නැතුව පොහොට්ටුව කියන ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් තරග කරන්නෙ, ඒකෙදි අපට වෙන විදියකට කල්පනා කරන්න සිද්ධ වෙනවා කොහොමද අපි මේකට මුහුණ දෙන්නෙ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනි.
(LNW)