Sunday, July 13, 2025
Follow Us
මහ මැතිවරණය ගැන මහින්ද-බැසිල්-මෛත්‍රී අතර සාකච්ඡාවක්

ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකන් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම හමුව ලබන අඟහරුවාදා (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සම්බන්ධයෙන් හා දෙපාර්ශ්වය අතර ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා සහ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සහභාගිවීමට නියමිත වේ.

(LNW)