හවුල් ආණ්ඩුවලින් ඇතිවුණු අර්බුද නිසා ජනතාව හෙම්බත් වී ඇති හෙයින් ඉදිරියේදී තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
"ජනතාව දැන් හොඳටම බැටකාලා ඉන්නෙ. මේ එකතුවීම්, පූට්ටුවීම් නිසා ඇතිවුණු අර්බුද පිළිබඳව ජනතාව හෙම්බත් වෙලා ඉන්නෙ. ජනතාව තවදුරටත් එසේ ඒවාට සූදානමක් නැති බව හැඟෙනවා. ඒ නිසා ජනතාවට අවශ්‍ය වෙන්නෙ තනිකර තනි කණ්ඩායමක් හැටියට රජයක් පිහිටුවීමයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීම සඳාඅ මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)