Monday, July 14, 2025
Follow Us
අලි හදවත : දහයේ කමිටුව අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින ඡන්ද ලකුණ තෝරාගැනීමට රනිල් - සජිත් එකඟතාවෙන් පත් කෙරුණු කමිටුව අද (14) රැස්වීමට නියමිතව තිබේ.

මෙම කමිටුව නියෝජනය කිරීම සඳහා රනිල් පාර්ශ්වයෙන් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් පත්කර ඇති අතර සජිත් පාර්ශ්වයෙන් මේ සඳහා සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් පත්කර ඇත.

සජිත් පාර්ශ්වය මෙවර මහමැතිවරණය සඳහා අලුත්ම ලකුණක් වන හදවත ලකුණින් තරගවැදිය යුතු බවට යෝජනා කර ඇති අතර රනිල් පාර්ශ්වය සිටින්නේ සුපුරුදු අලියා ලකුණින්ම තරගවැදිය යුතුය යන ස්ථාවරයේය.

(LNW)