ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරයාට ඇමරිකාවට ඇතුළු වීමට වීසා ලබා නොදෙන්නේ නම් දැනට ඇමරිකාවත් සමඟ අත්සන් තබා ඇති ඇක්සා ආරක්ෂක ගිවිසුම ඇතුළු සෙසු ගිවිසුම් වලින් ඉවත් වන බව ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුව ඇතත් ඔවුන් එසේ නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
"අපේ රටේ යුධ හමුදාපතිවරයාට ලෝකෙ කොහෙවත් යන්න බැරි නම් අපි අහනවා ඇමරිකාවෙ හමුදාපතිලාට යන්න පුළුවන්ද ? අර ඉරානයේ හිටපු හමුදාපතිවරයෙකුට ඉරාකය ඇතුළෙදි ගුවන් යානාවලින් පරදීලා ඝාතනය කරලා. ඒ අපරාධ නෙවෙයිද එතකොට ඇමරිකාව කරන්නෙ ? මේ තියෙන්නෙ ඇමරිකාව තමන්ගේ වැඩේ කරගන්න කණ මිරිකලා, දණ ගස්සලා, ටොකු අණින විදිහ.
දැන් මොකද කියන්නෙ ? අපේ රටේ යුධ හමුදාපතිට දෙන්නැත්තං වීසා, ආණ්ඩුව කියන්න ඕනෙ ඕගොල්ලොත් අපට ආපහු ගිවිසුම් ඕනෙ නෑ, වහාම ගන්න, ගිවිසුම අහෝසි කරනවා කියලා. කියනවද ? කියන්නෑ. ඇක්සා ගිවිසුම අවසන් කරයිද ? කරන්නෑ. අපේ රටේ හමුදාපතිට වීසා දෙන්නෙ නෑයි කිව්වට පස්සෙ දැනෙන්න ඕනෙ ලැජ්ජාවක්.
ඒ නිසා රිදෙන්න කලින් මේ ගිවිසුම්වලින් ඉවත් නොවුණොත් එහෙම තවත් බලපෑම් අපට ලබන මාර්තුවේ ජිනීවා පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයටත් ඉදිරිපත් කරන්න තමයි මේ අය ලෑස්ති වෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)