Monday, July 14, 2025
Follow Us
රනිල් - සජිත් දහයේ කමිටුවේ සාකච්ජා සාර්ථකලු!

රනිල් - සජිත් පාර්ශවයන් අතර අද (14) පස්වරුවේ පැවති සාකච්ජා සාර්ථක වී ඇති බව සඳහන්. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද එම සාකච්ජාව කැඳවා තිබුණි.

රනිල් පාර්ශ්වයෙන් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් සාකච්ජාව නියෝජනය කර තිබෙන අතර සජිත් පාර්ශ්වයෙන් සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් පැමිණ ඇති බව සඳහන්.

කෙසේවෙතත් එම සාකච්ජාවේදී නිශ්චිත ලෙසම එකඟ වූ කාරණා සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරු වාර්තා නොවන අතර ලකුණ සම්බන්ධයෙන් සුභදායක තීරණයකට පැමිණ ඇති බව කියැවිණි.

ඒ අනුව එළඹෙන සඳුදා දිනය වන විට මෙම සාකච්ජාවේදී එකඟ වූ කරුණු පිළිබඳ ආඃආඩෝ කිරීමක් කරන බවයි ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසා තිබෙන්නේ.

එළඹෙන සඳුදා දින එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයද කැඳවීමට නියමිතය.

(LNW)