ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් ඊයේ (14) පැවති සාකච්ඡාව අතිශයින්ම සාර්ථක වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවත් නව සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
"සාකච්ඡාව ඉතා සාර්ථකව නිම කරන්න පුළුවන්කම ලැබුණා. අපි සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව ඉදිරි මැතිවරණයට තරග කරන්න තීරණය කළා. ඒ තරග කරන ආකාරය සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කියනවා. අපි ප්‍රධාන තීරණය - සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව ඉදිරියට යන්න තීන්දු කළා අවසාන වශයෙන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එසේම ඡන්ද ලකුණ සම්බන්ධ නීතිමය කටයුතු අවසන් වූ වහාම ඒ පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන බව පැවසූ ඒ මහතා දෙපාර්ශ්වය අතර කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් සියල්ලන්ටම බලය ලැබෙන පරිදි ක්‍රියා කරන බවත් අවධාරණය කළේය.
"සියල්ලන්ටම පිළිගන්න පුළුවන් අලුත් තීන්දුවකට අපි යනවා. අපි බෙදෙයි කියලා බලන් හිටපු අය දැන් උඩ යනවා" යනුවෙනුයි ඒ මහතා අවසන් වශයෙන් පැවසුවේ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)