තම තමන්ට මේ මොහොතේ පවතින්නේ කවරාකාරයේ බලයක්දැයි සෙසු පක්ෂ අවබෝධ කරගත යුතු බවත් මේ මොහොතේ පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
"මේ ළඟදි පවත්වන මැතිවරණයෙන් මං හිතන්නෙ අපිට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වෙනවා. එතකොට ඒ ජයග්‍රහණය ලබන්නෙ පොහොට්ටුවත් එක්ක යන පක්ෂය. පොහොට්ටුව අවතක්සේරු කරලා යන්න පුළුවන් කමක් නෑ.
ඒ වගේම හැම පක්ෂයක්ම දැනගන්න ඕනෙ තමන්ට දැන් තියෙන බලය මොකද්ද කියලා. දැන් තියෙන්නෙ පොහොට්ටුවෙ බලය. එතකොට පොහොට්ටුවෙ බලයට අභියෝග කරන්න පුළුවන් කමක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මාතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LnW)