ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගන්නා බව කී සන්ධානය පිහිටුවීම ඉදිරි මහමැතිවරණයට පෙර සිදු නොවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට සිදුවනු ඇති බවත් එම සන්ධානයේ පක්ෂ නායකයෙක් පැවසු බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර ඇත.
සන්ධානයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුපස ගොස් හඬා වැටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය නම් දෙපාර්ශ්වය අතර අත්සන් තැබූ ගිවිසුම අහෝසි කළ හැකි බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
තමන් දේශපාලනයට පැමිණිමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර ප්‍රකාශ කරයි.
Crucial talks involving the leaders of the two factions of the United National Party (UNP) ended yesterday with the decision to consult the legal advice on the possibility of the alliance using the elephant symbol at the general elections.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින ඡන්ද ලකුණ තෝරාගැනීමට රනිල් - සජිත් එකඟතාවෙන් පත් කෙරුණු කමිටුව අද (14) රැස්වීමට නියමිතව තිබේ.
Former parliamentarian Mohamed Mussammil, today (13), lodged a complaint with the Inspector General of Police (IGP) against former Minister Rishad Bathiudeen.
මහමැතිවරණයේදි දෙපිලකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
මහජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් සම්බන්ධකර ගැනීමට කැමැත්තක් නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට සූදානම් වන බවට පැතිරෙන රාවය සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කළේය.
කුඩා කාලයේ සිට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආසාවක් තිබූ බවත්, එම බලාපොරොත්තුව මෙවර ඉටුවන බවත් ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසනවා. ඒ අනුව පොදුජන පෙරමුණ හා එක්ව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඇය යූටියුබ් නාළිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ.
රනිල් - සජිත් පාර්ශවයන් අතර අද (14) පස්වරුවේ පැවති සාකච්ජා සාර්ථක වී ඇති බව සඳහන්. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද එම සාකච්ජාව කැඳවා තිබුණි.
තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙකලා කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අවශ්‍යව ඇතැයි ශ්‍රීලනිපය පාර්ශවය පෙන්වා දෙයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2014 කාලයේ ධීවර අමාත්‍ය ධූරය දරන වකවානුවේ මෙරට ධීවර කර්මාන්තය කඩාවැට්ටවීමේ කුමන්ත්‍රණයක් හරහා වසරකට රුපියල් කෝටි 1800ක පමණ පාඩුවක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ.
ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජනප‍්‍රියත්වය හා ප‍්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මනාප තරඟයට ගොස් සමගිය නැති වුවොත් 2/3 දෙක නොව 113ක සරල බහුතර ආණ්ඩුවක් වත් පිහිටුවීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසයි.
තම තමන්ට මේ මොහොතේ පවතින්නේ කවරාකාරයේ බලයක්දැයි සෙසු පක්ෂ අවබෝධ කරගත යුතු බවත් මේ මොහොතේ පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
UNP National Organiser Navin Dissanayake today said that the symbol issue within the party will be solved by Monday next week.
නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
Page 427 of 555