තමන් රටේ ජනාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇති බැවින් තමන්ට තවදුරටත් ලබාගත යුතු දෙයක් නොමැති බවත් තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ තමන්ගේ දැනුම සහ ශක්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
"මට වෙන ලැබෙන්න දෙයක් නෑ. ජනාධිපතිකමක් ලබාගත්තු කෙනෙකුට තවත් මොනවද ලබාගත යුතු දේවල් ? නමුත් මේ ලබාගන්නේ කුමක්ද සඳහාද ? ඔබ සඳහා. මේ, ඒ වැඩකිරීමේ හැකියාව, මගේ අත්දැකීම් සහ දැනුමත් එක්ක නව ජනාධිපතිතුමාට මගේ ශක්තිය ලබලා දීලා මේ රටේ අද තිබෙන ප්‍රශ්නවලින් රට ගොඩගැනීම සඳහායි.
අද මේ රටේ තියෙන ප්‍රශ්න අතරේ මේ දේශපාලන පක්ෂ ගැන කතා කරනවා. රටේ ජනතාවට ප්‍රශ්නය දේශපාලන පක්ෂ නෙවෙයි. ප්‍රශ්නය රට සහ ජනතාව. රට සහ ජනතාව කොහොමද ගොඩ ගන්නේ ? එහෙම නැතිව පක්ෂවලට බෙදිලා වෙන්වෙලා, පක්ෂෙට ලකුණට රණ්ඩුවෙන එක නෙවෙයි අප විසින් කරන්නට ඕනෑ. රට ගැන හිතන්න ඕනෑ. රටට ආදරයක් තියෙන මිනිස්සුන්ට ආදරයක් තියෙන හැම කෙනෙක්ම එක සන්ධානයකට ඇවිල්ලා අපි රට ඉස්සරහට ගෙනියන්න ඕනෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව, බකමූණ ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැස්වීමකට එක්වෙමිනි.
(LNW)