Monday, July 14, 2025
Follow Us
ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් වැඩක් නෑ – පොලොන්නරුවේ ජනතාව ගැන විස්වාසයි – මෛත්‍රී

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිවුවද ජනතා ඡන්දයෙන් තමන් පාර්ලිමේන්තුවට පිවිසිමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව බකමුණ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නැයි පක්ෂයේ ජේ්‍යෂඨයින් තමන්ට ආරාධනා කර ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිම හිටපු ජනාධිපතිවරයා ලෙස තමන්ට අගෞරවයක් බවත් පොලොන්නරුවේ ජනතාව පිළිබද තමන්ට දැඩි විස්වාසයක් පවතින බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය

(Aruna)