Monday, July 14, 2025
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය මහින්දට- සභාපති මෛත්‍රී – ලේකම් බැසිල්

එළැඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

එමෙන්ම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය‘ නමින් නව පක්ෂයක් පිහිටවූ බවත් එම පක්ෂයේ නායක ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන , ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,ජාතික සංවිධායකවරුන් ලෙස දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශ යන මහත්වරු පත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම තමන් ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීම මැතිවරණ කොමසාරිස්වරයා අනුමත කළ බව ලේකම්වරයා පැවසීය.

පක්ෂ දෙකෙහිම සාමාජිකයින් අද මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ ඒ පිළිබඳව ලිඛිතව මැතිවරණ කොමසාරිස්ට දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

(Lanka Leads)