මුත්තයියා මුරලිදරන් දේශපාලනය ඉලක්ක කරගනිමින් සමාජ සේවා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ,වතුකරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනි.
පසුගිය ජනාධ්පතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රහසිගත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ මුරලි ඉදිරි මැතිවරණය සඳහා තම සොයුරා ඉදිරිපත් කිරීමට සුදානම් වන බවද ආරංචිමාර්ග සදහන් කරයි.
මැතිවරණය මෙහෙයවීම මුරලිදරන් විසින් සිදු කිරීමට නියමිත බවත් මෙලෙස මුරලිදරන් දේශපාලන සටන මෙහෙය වීම සම්බන්ධයෙන් තොන්ඩමන් සහ දිගම්බරන් අකමැත්තෙන් පසුවන බව ද වාර්තාවේ.
මේ වනවිට මුරලිදරන් පළාතේ තරුණ පිරිස් එකතු කිරීම සිදු කරමින් සිටින බවද එම ආරංචිමාර්්ග වැඩිදුරටත් සඳහන් කරයි.
(Lanka Leads)