Monday, July 14, 2025
Follow Us
ශවේන්ද්‍ර සිල්වාට තහනමක් පැනවූ ඇමරිකාවේ MCC ගිවිසුම දැන්වත් ඉරලා දාන්නකෝ..

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව විසින් සංචාරක තහනමක් පනවා ඇති තත්වය තුළ වත්මන් ආණ්ඩුව මීට පෙර පැවසූ ආකාරයෙන් ඇමරිකාව සමඟ අත්සන් තැබීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම ඉරා විසි කිරීමට හොඳම අවස්ථාව උදාවී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“මේ ආණ්ඩුව කොහොමත් එම්සීසී ගිවිසුමට තනිකරම විරුද්ධයිනෙ. මට මතකයි ඔය විමල් වීරවංශ මහත්තයා එහෙම කිව්වා ඒ ගිවිසුම ඉරලා විසික් කරනවා කියලා. ඒක ඉරලාම පෙන්නුවා මං හිතන්නෙ.

ඉතිං අපිත් දැන් ඉල්ලා සිටින්නෙ රටට අහිතකර නම් ඒ එම්සීසී ගිවිසුම, මේ අවස්ථාව තමයි හොඳම අවස්ථාව. මොකද අපේ කට්ටිය මෙච්චර අකමැති නම් ඕක අපට කිය කියා ඉඳලා හරියන්නෙ නෑ. කෙළින්ම – ඔවුන්ගෙ නියෝජිතයොත් ඉන්නවා – සම්බන්ධ වෙලා කියන්න තියෙන්නෙ අපට ඔය එම්සීසී ගිවිසුම අවශ්‍ය නෑ, අපේ මේ ඉන්න යුධ හමුදාපතිට තමයි මේ වගේ තර්ජනයක් ඔබ කරලා තියෙන්නෙ කියලා, ඉරලා විසි කරන්නයි තියෙන්නෙ” යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (16) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Lanka Leads)