ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජනප‍්‍රියත්වය හා ප‍්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව ජනාතාව ප‍්‍රතික්‍ෂේප කළ හා අවශ්‍ය සුදුසුකම් සපුරාලිය නොහැකි පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදීමටත්, ජනතාවට පිළිගතහැකි ප‍්‍රතිපත්තිගරුක තැනැත්තන්ට වැඩි වශයෙන් නාම යෝජනා ලබාදීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
එමෙන්ම පොලිතීන් හා පෝස්ටර්, කටවුට් වලින් තොරව පරිසර හිතකාමීව හා විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට මඩ ප‍්‍රහාර එල්ල නොකරමින් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යෑමටද ඔවුන් දැනටමත් තීන්දු කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
(Lanka Leads)