හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට තිබෙන අභියෝග ගැන තමන් හිටපු ජනාධිපතිවරයා හැටියට හොඳින්ම දන්නා බවයි. එසේම අද වන විට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ආණ්ඩුවට විශාල වශයෙන් දේශීය සහ විදේශීය ණය විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ගෙවීමට සිදුව ඇති බව ද පැවසීය.
2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව මේ වනවිට මුදල් නොමැති බවක් කියමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගෙන් කොපමණ ප්‍රහාරයට ලක් වූවත් කිසිවකින් තමන්ගේ යුතුකම අත නොහැරපු දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොන් වූ පිරිස්වලට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ආරාධනාවක් කළා. විපක්‍ෂ නායකවරයා මෙම ආරාධනාව කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී එකකින් රුපියල් ලක්ෂ දහය බැගින් තමන් වංචා කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කර ඇති චෝදනාව ඔප්පු කරන්නේ නම් තමන් බඩ කපාගෙන මැරෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ඉල්ලා සිටි බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
එළඹෙන මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය සමඟ සන්ධාන ගත නොවන බවත් දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා මෙම පක්ෂවලට මැතිවරණයකට තරඟ කිරීම පිණිස එකතු වීමේ හැකියාවක් නොමැති බවත් මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසයි.
තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ ගෞරවනීයව පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ලකුණ පිළිබඳ ගැටළුව මෙතෙක් අවසන් නොවුණ ද ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී ආස 90 කට වඩා ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව තිබෙන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එසේ වුවහොත් ශ්‍රීලනිපය ද එජාප ආණ්ඩුවකට එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එජාප ලේකම්වරයා සඳහන් කරනවා.
දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව පුළුල් ජන බලවේගයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.
මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක කොටස් මිලදී ගැනීමට රක්ෂණ සංස්ථාව සූදානමින් සිටින බවත් අධි මිලට සිදු කිරීමට නියමිත මෙම කොටස් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 50ක් පමණ ප්‍රමාණයක් "ගොඩ ගොවිතැන් කරන හේවා" කෙනෙකුට ලැබෙන්නට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
The Janatha Vimukthi Peramuna (JVP) has refuted the recent statement made by Sri Lanka Muslim Congress (SLMC) Leader Rauff Hakeem on forming an alliance to contest the General Elections.
Rohitha Rajapaksa, son of Prime Minister Mahinda Rajapaksa, yesterday apologised after comments he made on social media drew strong reactions.
එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ ඉතාම එකමුතුභාවයකින් යුතුව කටයුතු කිරීමට සූදානම් වෙද්දී ඇතැමුන් ඊට බාධා කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරයි.
Colombo Mayor Rosy Senanayake's son Kanishka Senanayake is to enter into national politics and contest for the Colombo District from the UNP led alliance at the forthcoming general elections.
Successful regional integration — both economic and security — depends on the South Asian Association for Regional Cooperation (SAARC) becoming fully functional at the highest levels, Sri Lanka’s former Prime Minister Ranil Wickremesinghe said.
ආන්දෝලනාත්මක එයාර් බස් වංචාව සම්බන්ධයෙන් ද තමන්ගේ නම පටළවා එහි සැබෑ වැරදිකරුවන් බේරී යාමට උත්සාහ දරන්නේ යැයි තමන්ට හැඟෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Page 412 of 545