මෙවන් ව්‍යසනකාරී තත්ත්වයක් පරාජයට පත් කළ හැක්කේ හුදු රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් නොව සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඔවුන්ගේ පාර්ශවයෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දෙමින් සිටින බවද දිසානායක මහතා කියා සිටියි.
පමා වී හෝ තීන්දු තීරණ ගැනීමේදී රාජ්‍ය යාන්ත්‍රණය යම් ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට ඇති බවද හෙතෙම පවසයි.
මේ මොහොතේ පොදු ජනතාවට විශාල කාර්ය භාර්යයක් පැවරී තිබෙන බවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට, සීමාවන් තුළ හිඳීමට හා ඔරොත්තු දීමට ජනතාවද සමත් විය යුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.
කෙසේවෙතත් වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවමත් අවසන් වශයෙන් පුරෝකතනයකට එළඹිය නොහැකි බවයි අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ.
එමෙන්ම ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාව එය ඉවත් කළ වහාම එය පැනවීමේ අපේක්ෂා කළ මුළු අරමුණම විට බිඳ වැටෙන බව පෙනෙන්ට තිබුණ බව පවසන ජවිපෙ නායකයා කියාසිටින්නේ භාණ්ඩ හිඟයක් නිර්මාණය වී තිබුණ අතර කුඩා අලෙවිසල් යළි සක්‍රීය කිරීම සඳහා වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි.
(LNW)