Sunday, April 12, 2026
Follow Us
චම්පිකගේ නිවසේ රැස්වීමක් ගැන විමර්ශනයක්

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ දේශපාලන රැ්ස්වීමක් පැවැත්වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකනවරයා සදහන් කරයි.

ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙම රැස්වීම පවත්වා ඇති අතර එහිදී රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. ‍කෙසේ වෙතත් අදාළ රැස්වීම පැවැත්වීමට කටයුතු කළ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසයී.

(Lanka Leads)