ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන්, දෛනික වේතනය මත රැකියා කළ පුද්ගලයන් බරපතල අපහසුතාවයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මෙම පුද්ගලයන් පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුවිය යුතු බවයි කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සහන මල්ලක් ලබාදෙන බවට ජනතාවට පොරොන්දු වූ වත්මන් රජයට එම සහන මල්ල ලබාදීම සඳහා දැන් හොඳම අවස්ථාව එළඹ ඇති බවයි ඔහු පවසන්නේ.
ග්‍රාම නිළධාරීවරුන් හරහා එවැනි පුද්ගලයන්ට අදාල සහන මල්ල ලබාදීම සඳහා නිශ්චිත හා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයෙන් ඉල්ලා සිටී.
(LNW)