Sunday, July 20, 2025
Follow Us
පාර්ලිමේන්තුව යළි කැඳවීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය

දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ උද්ගත වී ඇති තත්වයන් හමුවේ ඔවුන් ඒ පිළිබඳව සලකා බලමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මූලික හේතු කිහිපයක්ම මීට බලපා ඇති අතර අප්‍රේල් 30 වනදායින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වූ පසුව රජයේ වියදමට මුදල් වෙන්කර ගැනීමට හැකියාවක් නොපැවතීම, වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතුව ඇති ක්‍රියාමාර්ග අනුව තවත් මාස තුනකටවත් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව සැක සහිත වීම සහ මැතිවරණ කොමිෂන් සභාවට ද මැතිවරණය කල්දැමිය හැකි සීමාවක් පැවතීම යන කරුණු ඉන් ප්‍රධාන වී ඇති බව සඳහන්.

(LNW)