Sunday, July 20, 2025
Follow Us
පක්ෂයේ පළුවකුත් නැතිව රනිල් අද 71 වන උපන්දිනය සමරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(24) සිය 71 වන ජන්ම දිනය සමරනු ලබන්නේ වසර හතරක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දරුණුතම බිඳවැටීමත් සමඟය.

පසුගිය පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 14 දෙනකු හැර දෙනෙකු හැර අන් සියල්ලම මේ වන විට එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් නිර්මාණය කළ සමග ජන ජන බලවේගය සමග එක්ව සිටී.

මීට පෙර එක්සත් ජාතික පක්ෂය දරුණුතම බෙදීමකට පත්වූයේ මීට වසර 28කට පෙර එනම් 1992 දී සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වූ එවකට ජනපති ජනපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.එම්.ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් පක්ෂය කඩා ගෙන ගිය අවස්ථාවේදීය.

පක්ෂයේ පිරිසක් කඩාගෙන ගොස් ඇති පසුබිමක හා කොරෝනා වෛරසය හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමක රනිල් වික්‍රමසිංහ මහතා අද දවසේ සිය 71ක් වන උපන්දිනය උපන් දිනය සමරන්නේ ඔහුගේ ජීවිතයේ සමරනු ලබන අවාසනාවන්තම උපන්දිනය ලෙසය.

(Lanka Leads)