අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම (25) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම භාණ්ඩ බෙදා හැරීමට උපයෝගී කරගන්නා සියලු වාහන වෙත ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ මහා මාර්ගයන්හි ගමන් කිරීමට අවසර දී ඇත.
සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මෙම ක්‍රියාවලියට දායක කරගනු ඇති.
අමාත්‍යාංශ ලේකම්වරු,දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීන් එම බලකායේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබේ.
මෙම වැඩපිළිවෙල හරහා ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කිරීමට තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත.
(LNW)