Sunday, July 20, 2025
Follow Us
පාර්ලිමේන්තුව නැවත රැස්කිරීමේ යෝජනාව යට යයි… කොරෝනා මර්දනයට සර්ව පාක්ෂික වැඩපිළිවෙළක්

පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම සඳහා වූ යෝජනාවක් ඊයේ (24 වැනිදා) පැවැති පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වී ඇත. එහෙත් එහිදී බහුතරයගේ මතය වී ඇත්තේ පක්ෂ නායකයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවයි.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවැත් විණි. ඉදිරියේදී පක්ෂ නායකයන් හමුවෙමින් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය විය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පක්ෂ නායකයන්ගේ අගය කිරීමට ලක්විය. රැස්වීම ආරම්භයේදීම සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළේය. වෛරසය හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධයෙන් ද මෙහිදී පක්ෂ නායකයෝ සාකච්ඡා කළහ.

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, තේ කර්මාන්තය, තොග අලෙවිසල් විවෘත කිරීම යන කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරන ලදී.

(Lanka Leads)