ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වී ගුරුවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අදට දින 45ක් සම්පූර්ණ වනවා. සිය වැටුප් ගැටලුව විසදෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බවයි ගුරු, විදුහල්පති වෘත්තිය සමිති පවසන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.
ඊයේ (24) රාත්‍රී 09.00 ට පමණ හම්බන්තොට ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
මෙරට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මාෆියාව පසුපස සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් බවත් ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා සකස් කරගෙන ඇත්තේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් නොව ඔවුන්ට මුදල් ඉපයීම සඳහා බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
මේ මස 27, 28, 29 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබූ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල්‍යයේ පෙරහර පැවැත්වීම කල් දමා තිබෙනවා.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
Health officials on Monday confirmed 190 COVID-19 deaths, raising the country’s COVID-19 death toll to 7,750.
Sri Lanka’s COVID-19 detections rose to 394,355 with 4,355 persons testing positive for COVID-19 yesterday. This is the second consecutive day where daily COVID-19 detections have exceeded 4,000.
Sri Lanka’s COVID-19 detections neared 400,000 with 4,446 persons testing positive for COVID-19 yesterday.
Health officials on Sunday confirmed 194 COVID-19 deaths, which raised the country’s total COVID-19 death toll to 7,560.
Commander of the Air Force, Air Marshal Sudarshana Pathirana has tested positive for COVID-19.
ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන වානේ කම්බි හිගයක් වෙළඳපල තුළ දක්නට ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පාර්ශව පවසනවා. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වානේ කම්බි මිල ද වෙළඳුන් ඉහළ දමා ඇති බවයි ඔවුන් පවසන්නේ.
කොවිඩ් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි අය සහ බෝනොවන රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව ලබාදෙමින් එය සිදුකරන ක්‍රමවේදයක් තමන් පසුගිය මැයි මාසයේදීම ජනාධිපතිවරයා වෙත බාරදුන් බවත් එහි සඳහන් ආකාරයට පළවෙනි එන්නත් මාත්‍රා මිලියන 10 භාවිතා කළේ නම් අද සිදුවන මරණ වලින් 80%කටත් වඩා වළක්වාගත හැකිව තිබුණු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ ඇමති අනු කමිටුව ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ගැටලුව විසඳනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියද එය තවත් සතියකට කල්දමා ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඇමති අනු කමිටුව යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳව සලකා බැලීම තවත් සතියකින් කල්දමා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.
Page 372 of 744