මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් තවදුරටත් පෙන්නුම් කරනවා. ඊයේ දිනයේද මෙරටින් වාර්තා වුයේ ආසාදිතයින් 666 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 530,421ක්.
කෙසේවෙතත් එම පිරිසෙන් පුද්ගලයින් 491,958 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 25,014 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවේද අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉකුත් 14වනදා මෙරටින් වාර්තා වුයේ කොරෝනා මරණ 20ක් පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේ. කොරෝනා ආසාදිතව මෙරටදී මිය ගිය සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 13,449ක් වනවා.
(Neth)