සංචරණ සීමා නොතකා ඇල්ලට දහස් ගණනින් ඇදෙයි
දැනට රට තුළ පවතින කොවිඩ් සංචාරණ සීමා නොතකමින් ඇල්ල සංචාරක ප්‍රදේශයට පැමිණි දේශීය සංචාරකයන්ගෙන් ඇල්ල නගරය පීරී ගොස් ඇත.
මීට සතියකට පෙර ඇල්ලේ පැවති පාළු ස්වභාවය වෙනස් කරමින් විදේශීකයන්ගෙන් ඇල්ල නගරය පිරී යද්දී සංචරණ සීමා ලිහිල්කිරීමට නියමිතව පවතින ඉදිරි 21 දාට පෙර පිට පළාත් වල සිට දේශීය සංචාරකයන් පළාත් මායිම් පසුකර ඇල්ලට පැමිණ ඇත. මේ හේතුවෙන් ඇල්ල ප්‍රදේශයේ හෝටල් දේශීය සංචාරකයන්ගෙන් පිරී ඇති අතර සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ද තම වෙළෙඳාම් ආරම්භ කර ඇත.
ඇල්ල නගරයේ මෙන්ම ඒ අවට හෝටල් සහ ලැගුම්හල් ඉදිරිපිට වාහන විශාල ප්‍රමාණයක් නවතා ඇති බව දැක ගැනීමට හැකි වූ අතර රාවණා ඇල්ල අසල බොහෝ පිරිස් ඒකරාශීවී සිටින අයුරු අප කැමරා කාචයේ සටහන් විය. මෙම සංචාරකයන්ගෙන් බොහෝ පිරිස නිවැරදි ලෙස මුව ආවරණ පැලඳ නොසිටි අතර සෞඛ්‍ය රීතීන්ට පටහැනිව කටයුතු කරන ආකාරයක්ද දක්නට ලැබිණි.
බදුල්ල ඌව පළාත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ පිට පළාත්වලින් මෙහි පැමිනෙණ ජනතාව සෞඛ්‍ය රීතීන්ට සහ මාර්ගෝපදේශයන්ට යටත් නොවී මෙසේ වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් මෙම ප්‍රදේශයේ ජනජීවිතය නැවතත් අඩාළවීම සිදුවන බවයි.
(Aruna)