Thursday, September 25, 2025
Follow Us
කොවිඩ් මධ්‍යස්ථාන තිහක් ඉවත් කරයි

කොවිඩ් රෝගීන් ගණන පහළ යයි


කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ පහත බැස්ම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථානද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩුවී රට කොරෝනා රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණ ඇති බවද පවතින තත්වය ආරක්ෂා කර නොගතහොත් රතු කලාපයට ඉතාම ඉක්මනින් යළි ගමන් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

(Aruna)