Thursday, September 25, 2025
Follow Us
කොරෝනා ගැන දැන් කිසිම විද්‍යාත්මක ආවේක්ෂණයක් නැහැ. PCR පරීක්ෂණත් අඩපණ කරන මෙහෙයුමක් තියෙන්නේ - රවී කුමුදේශ්

මේ වන විට කොරෝනා වසංගතය ගැන ගනු ලබන තීරණ පාලනයෙන් ගිලිහුණ තත්ත්වයක් තිබෙන අතර වසංගතය ගැන කිසිදු විද්‍යාත්මක ආවේක්ෂණයක් සිදුනොවන බවත් ඒ වෙනුවට PCR පරීක්ෂණත් අඩපණ කරන මෙහෙයුමක ඇතැම් රජයේ සහ සෞඛ්‍ය බලධාරීන් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

වසංගතය නැවත රැල්ලක් ලෙස කැඳවා ගැනීමට කරන්න අවශ්‍ය සියලු දේ කරමින් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

වසංගත රෝග ඒකකය මෙය පාලනයෙන් ඉවත්කරගෙන සෑම ආයතනකටම කොරෝනා මර්දන නිලධාරියෙකු පත්කරගන්නා ලෙස පවසා එම වගකීමෙන් නිදහස් විය නොහැකි අතර එලෙස මේ වසංගතය පාලනය කළ නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

සේවා ස්ථානයට,ජනතාවට වගකීම පවරමින් නොසිට නිවැරදි ආවේක්ෂණ ක්‍රියාවලියක් විද්‍යාත්මකව කර වසංගතයේ තත්ත්වය ගැන සොයා බලා නැවත කුමන මොහොතක එය රැල්ලක් ලෙස ඇති විය හැකිද යන්න නිවැරදිව තක්සේරු කර ඒ ගැන පුරෝකථනය කිරීම වසංගත රෝග ඒකකයේ වගකීමක් බවයි කුමුදේශ් මහතා ප්‍රකාශ කරන්නේ.

(LNW)