Thursday, September 25, 2025
Follow Us
වාහන ගෙන්වන දිනය එළියට

ආන්දොලනාත්මක වාහන ආනයනයේ ඇත්ත නැත්ත


වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදක්වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

අරුණ වෙබ් අඩවිය කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අත්තනෝමතිකව ගනු ලබන තීරණ හේතුවෙන් මෙරට අනෙකුත් ක්ෂේත්‍ර තුළද අනිසි ප්‍රතිඵල දැකගත හැකි බවයි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට රජය නිසි විසදුමක් ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත් වාහන ආනයනය කරන කාල වකවානුවක් පේන තෙක් මානයකවත් නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ වාහන ආනයනය කර ඇති බවට පලවන වාර්තාවන් අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් අරුණ වෙබ් අඩවිය සමඟ සඳහන් කලේ.

(Aruna)