වයස අවුරුදු 18 සහ 19 වයස් කාණ්ඩයට අයත් පාසල් සිසුන් සදහා ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන ලබන සදුදා දිනයේද ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංගමය පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4 ක පාසල් සිසුන් සදහා එන්නත්කරණ වැඩසටහන ඊයේ දිනයේ ආරම්භ කළ අතර මේ වනවිට සිසුන් 6,000 කට පමණ ෆයිසර් එන්නත ලබාදී තිබෙනවා.
මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති මෙරට පුද්ගලයන් සංඛ්‍යාව කෝටියේ සීමාව ඉක්මවා ගියා. ඒ, මීට පෙර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් 45,396 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබාදීමත් සමගයි.
මෙරට පුද්ගලයන් එක් කෝටි 7 ලක්‍ෂ 20,463 දෙනෙකුට මේ වනවිට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක මාත්‍රා දෙකම ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
(Neth)