ජර්මනියට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලෙන් යළි පිටත්වීමේදී සිදු වූ ප්‍රමාදය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ නිමවෙත තෙක් ඊට අදාළ රාජකාරී සිදුකළ නිලධාරීන් තිදෙනෙකු එම රාජකාරීවලින් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙණ විමර්ෂණය අවසන් වන තෙක් එම පියවර ගත් බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
ජර්මනියේ සිට මාලදිවයිනට මගීන් 226 දෙනෙකු සමඟ පැමිණි අදාල ගුවන් යානය ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට ඉකුත්දා හදිසියේ ගොඩබස්වා තිබුණා.
එම ගුවන් යානය නැවත පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ නියමිත ගාස්තු ගෙවීම සඳහා පැයකටත් වැඩි කාලයක් ගත කිරීමට එම ගුවන් සමාගමේ නිලධාරීන්ට සිදුවු බවටයි වාර්තා පළ වුණේ. ගුවන්තොටුපළේ තිබූ ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍ර කිහිපයක් අක්‍රියවීම ඊට හේතුව බවද වැඩිදුරටත් වාර්තා වුණා.
අදාළ ජර්මන් ගුවන් යානය වැඩිපුර කාලයක් කටුනායක ගුවන් තොටුපලේ රැදී සිටීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 48 ක ප්‍රමාද ගාස්තුවක්ද ගුවන්තොටුපළ බළධාරීන් අයකර තිබෙනවා. මෙම සිද්ධියට පාදක වූයේ ගුවන්තොටුපළ යන්ත්‍රවල දෝශයක්ද නැතහොත් අදාළ ගුවන් සමාගමේ ක්‍රෙඩිට් කාඩ්පතේ දෝශයක්දැයි මේ වන විට විමර්ෂන ක්‍රියාත්මකයි.
(Neth)