The immediate imposition of curfew will prevent at least 1,200 additional deaths within the next 20 days, Professor of Community Medicine, Rajarata University of Sri Lanka, Professor Suneth Agampodi stressed.
කිරිපිටි ආනයනයේදී පනවා තිබූ ආනයන බදු ඉවත් කළද කිරිපිටි ආනයනය කළ නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. බදු ඉවත් කළද කිරිපිටි කිලෝ එකකින් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඊයේ (10) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2904ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති අද පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ මේවනවිට වෘත්තීය සමිති රැසක් තමන් සමග එක්ව සිටින බවයි.
තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විරෝධතා ක්‍රියාමාර්ගය අත්හැර දැමුවද හෙට දිනයේදී සත්‍යග්‍රහයක නිරත වීමට තීරණය කර ඇති බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.
මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය උපරිම තලයට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මහින්ද බාලසූරිය පැවසුවේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් ද කොරෝනා ආසාදිතයින් බවට පත්වීම මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කර ඇති බවයි.
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් නොගත් ජනතාව සදහා සැලසුම් කළ විශේෂ තුන් දින එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වනවා.
රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වනවාට වඩා දැඩි තීන්දු ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමා පැනවීම හෝ මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.
SSP Kandy Division said steps had already been taken to provide adequate protection to the Perahera
Page 361 of 726