Friday, July 18, 2025
Follow Us
සිව්වැනි කොවිඩ් රැල්ලක පෙරනිමිති ?

ජනතාව කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන


මේ වනවිට ජනතාව හැසිරෙමින් සිටින්නේ කොවිඩ් නොතිබූ රටක මෙන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවය.

“බටහිර ලෝකෙ ගත්තට පස්සේ ඔවුන් අපේක්ෂිතව සිටිනවා දෙසැම්බර් මාසේ වන විට හතරවැනි රැල්ලක් භයානක විදියට එයි කියලා. පහුගිය සතියක කාලයේ රෝගීන් නැවතත් ක්‍රමානුකූලව වැඩි වෙන ප්‍රවණතාවයක් දැක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජනතාව කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍යයි “

(Aruna)