Friday, July 18, 2025
Follow Us
නුවරඑලිය – හැටන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටෙයි

නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා


නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට (08) දින පස්වරු 3.30 ට පමණ විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට පස් කන්ද කඩා වැටුණු බවත්, නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කොටසින් කොටස ඉවත් කර රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කල බව සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

පස් කන්ද කඩා වැටිම නිසා එම මාර්ගයේ දිගු පොලිම් දක්නට ලැබුණි.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නුවරඑලිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(Aruna)